විදුලි කප්පාදුවක් අනිවාර්යයෙන් එනවා - ගම්මන්පිල අනතුරු අඟවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

විදුලි කප්පාදුවක් අනිවාර්යයෙන් එනවා - ගම්මන්පිල අනතුරු අඟවයි

විදුලි කප්පාදුවක් අනිවාර්යයෙන් එනවා - ගම්මන්පිල අනතුරු අඟවයි

එළඹෙන පෙබරවාරි මාසයේ හෝ මාර්තු මුල සිට විදුලි කප්පාදුවක් සඳහා අනිවාර්යෙන්ම යාමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

 

ඔහු මේ බව පැවසුවේ විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසර අට තුළ පුනර්ජනනීය හෝ තාප බලශක්ති ප්‍රභවයන් අලුතෙන් පද්ධතියට එක්කර නොතිබීම මෙම අර්බුදයට තවත් හේතුවක් බවයි.

 

මීට අමතරව විදුලි බිල ද ඉදිරි සති දෙක තුන ඇතුළත ඉහළ දැමීමට සිදු වනු ඇත බව ඛනිජ තෙල් වෘත්තිය සමිති අද අනාවරණය කළා.

 

"කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පවත්නා තත්ත්වය ගැන මම දැනුවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම වසරකම විදුලි ඉල්ලුම 8% කින් ඉහළ යනවා. එම නිසා රජය සෑමවිටම ඉල්ලුමට සරිලන ලෙස නව බලශක්ති බලාගාර සැපයුමට එක්කළ යුතුයි." 

"නමුත් අවාසනාවන්ත ලෙස 2014 සිට අපගේ බලශක්ති සැපයුමට නව බලාගාර එකතු වී නැහැ.  සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා පවතින නියඟ කාලගුණයත් සමග අපගේ විදුලි නිෂ්පාදනය වැඩි වශයෙන් යැපෙන්නේ තාප බලාගාර මතයි." 

"දැන් තාප බලාගාරවලට රටේ සමස්ත විදුලි ඉල්ලුම සැපයීමට නොහැකියි. අපි දත්ත බැලුවොත් නොවැම්බර් මාසය වන විට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 65%ක් නිෂ්පාදනය වුණේ ජල විදුලියෙන්." 

"නමුත් දැන් එය 25% දක්වා අඩුවී තිබෙනවා. ඒ නිසා මම අනාවැකි පළ කරනවා.. මාර්තු මාසය මුල් සමය වනවිට හෝ පෙබරවාරි මැද වනවිට අනිවාර්යයෙන් විදුලිය කැපීමකට යාමට සිදුවෙයි කියලා."

views

739 Views

Comments

arrow-up