කිලිනොච්චියේ ගවයින් අබිරහස් රෝගයකින් මිය යයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මේ දිනවල ගවයන් අතර අභිරහස් රෝගයක් පැතිර යන බව වාර්තා වේ.
මෙම රෝගය හේතුවෙන් ගවයින්ගේ සිරුර පුරා ගෙඩි හටගෙන පුපුරා ගොස් තුවාල සිදු වීමෙන් ගවයින් විශාල සංඛ්‍යාවක් මිය යන බව වාර්තා වී තිබේ.
මෙය ගවයින්ට හටගන්නා පැපොල රෝගී තත්ත්වයක් බවට මත පළ වී තිබෙන අතර, මෙවැනි රෝගී තත්ත්වයන්ට ලබාදිය යුතු ඖෂධ පශු වෛද්‍ය කාර්යාල තුළ ප්‍රමාණවත් තරම් නොමැති බවට පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කොට සිටී.
මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත්, ප්‍රදේශයේ ගව සම්පත සම්පූර්ණයෙන් පාහේ විනාශ වී යා හැකි බවට ප්‍රදේශයේ ගොවි ජනතාව කියා සිටී.
206 Views
Comments