විරෝධතාවයෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් බැලීමට මාලිමාවේ ප්‍රබලයෝ දෙදෙනෙක් රෝහලට

ජාතික ජනබලවේගය විසින් ඊයේ දිනයේ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර එයට සහභාගි වූ කිහිපදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
පොලිසිය විසින් එල්ල කරන ලද ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම තුවාල ලැබූ පිරිසගේ සුවදුක් විමසා බැලීමට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු කිහිප දෙනෙකු ඊයේ (26) පස්වරුවේම කොළඹ ජාතික රෝහලට ගොස් ඇති බව වැඩි දුරටත් සඳහන් වේ.
291 Views
Comments