විදුලි බිල ගැන පාඨලී කට අරී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

විදුලි බිල ගැන පාඨලී කට අරී

විදුලි බිල ගැන පාඨලී කට අරී

ගතවූ වසර තුළ විදුලි බිල තුන් ගුණයකින් වැඩි වී ඇති බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටී.

 


ගිය වසරේ අගෝස්තු මාසයේ 75% කින් වැඩි කළ විදුලි බිල පසුගියදා නැවත සියයට 66% කින් වැඩි කර ඇති බව මන්ත්‍රීවරයා පවසා සිටී.  ගිය වසරේ  පෙබරවාරි මාසයේ පැවති විදුලි බිල මෙම වසරේ පෙබරවාරි වන විට තුන් ගුණයකින් වැඩි කර ඇති බව සඳහන් වේ.

 


භාණ්ඩාගාරයේ හා රාජ්‍ය බැංකුවල වැරදි මූල්‍ය කළමනාකරණයට විදුලි හා තෙල් පාරිභෝගිකයා වගකිවයුතු නොමැති බවද මන්ත්‍රීවරයා පවසා සිටී.

 


තවද  ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඒකක 90 ට අඩුවෙන් පරිහරණය කරන පිරිමැසුම් පාරිභෝගිකයන්ට අතිශය අයුක්ති සහගත ලෙස විදුලි බිල ඉහළ දමා ඇති බවත්, සහනාධාරය ලෙස රුපියල් බිලියන 60 ක් දී, විදුලි බිල්පත් වලින් රුපියල් බිලියන 106 ක් වැඩියෙන් ගැනීම දුගියා කබලෙන් ලිපට දැමීමක් බවයි.

 

තවද, ලංවිම ගාස්තු වැඩිකිරීමේ ක්‍රමවේදයක් තිබිය දී මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියා මාර්ගය අතිශය පිළිකුල් සහගත බව ද මන්ත්‍රීවරයා පවසා සිටී.

views

226 Views

Comments

arrow-up