FEB
20
අධිවේගී මගේ ගමන් කරන බස් රථ වලට නව නීතියක්

හයිලෙවල් මාර්ගය හරහා ගමන් කරන සියලුම දුර ගමන් සේවා හා අධිවේගයේ ප්‍රවාහන බස් රථ මාර්තු 01 දා සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබේ.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මහාචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ පාර්ශවයන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
කොට්ටාව නගරයේ විවිධ ස්ථාන වලින් බස් රථ වලට අවිධිමත් ආකාරයෙන් මගින් නංවා ගැනීම වැලැක්වීමටයි මෙම පියවර ගෙන ඇත්තේ.
246 Views
Comments