ජාවාරම්කරුවන් අල්ලා ජාවාරමක් කළ පොලිසිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ජාවාරම්කරුවන් අල්ලා ජාවාරමක් කළ පොලිසිය

ජාවාරම්කරුවන් අල්ලා ජාවාරමක් කළ පොලිසිය

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ උපදෙස් මත බලපත්‍ර රහිතව නීති විරෝධී ආකාරයට දැදුරු ඔයෙන් ගොඩ දමන ලද වැලි තොගයක් සිය භාරයට ගෙන රැගෙන යමින් තිබියදී එහි ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ඉන් කොටසක් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

මෙම වැලි තොගය ලද පැමිණිල්ලකට අනුව පොලිස් භාරයට ගැනීමට කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.

 

පසුව එම වැලි තොගය අධිකරණමය කටයුතු සඳහා ලොරි කීපයක පටවා වැල්ලව පොලිසිය වෙත රැගෙන එමින් තිබිය දී එහි ආරක්ෂාවට ගමන් කළ පොලිස් නිලධාරියකු හෝ නිලධාරීන් කිහිපදෙනකු විසින් ඒවා එක්ව විකුණා ඇති බවට අනාවරණය වේ.

views

271 Views

Comments

arrow-up