FEB
27
වසර අවසානයේ උපරිම සහන දෙන බව රුවන් විජේවර්ධන කියයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසන්නේ, මේ වසර අවසානය වන විට ජනතාවට අහිමි වී ගිය සියලු සහන නැවත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව සූදානම් බවයි.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දුන් එම පක්ෂයේ අපේක්ෂකයින්ගේ හමුවට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නාම යෝජනා භාර දුන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ගේ හමුවක් බදුල්ල නගරයේදී ඊයේ පැවැත්විණි.
246 Views
Comments