වකුගඩු සහ අවයව බද්ධකිරීමේ සැත්කම් නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

වකුගඩු සහ අවයව බද්ධකිරීමේ සැත්කම් නවතී

වකුගඩු සහ අවයව බද්ධකිරීමේ සැත්කම් නවතී

මෙම දින වල රසායනික ද්‍රව්‍යන්හි පවතින දැඩි හිඟකම හේතුවෙන් වකුගඩු සහ අවයව බද්ධ කිරීම් වැනි සැත්කම් සිදු කිරීමේ කාර්යයන් ඇන හිට ඇති බවයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසා සිටින්නේ.

 

 
මේ  හේතුවෙන් වකුගඩු, අක්මා වැනි රෝගයන්ට ගොදුරු වී සිටින රෝගීන්ගේ විවිධ වූ පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී දැඩි අපහසුතා වලට මුහුණ දීමට සිදුවන බවයි ඔවුන් තවදුරටත් සඳහන් කර සිටියේ.

 


වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී ඒ සඳහා ගන්නා  සාම්පල පරීක්ෂණයක් සඳහා 175,000 ක මුදලක් වැය වන අතර මසක් ඇතුලත රජයේ රෝහල් වලින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහා සාම්පල 200-250 ත් අතර යවන බවයි මොවුන් කියා සිටියේ. 

 

මොවුන් වැඩි දුරටත් පැවසුවේ මෙම ජාන හඳුනා ගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟකම පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවත්, සැපයුම්කරුට මිලියන 600 ක තවත් හිඟ මුදලක් ගෙවීමට ඇති බවත්, මෙම ගෙවීම්  කටයුතු සිදු කරන තෙක් සැපයුම නතර කරන බවත්ය. 

 

මේ ආකාරයටම මෙම රසායනික ද්‍රව්‍ය හිඟකම දිගින් දිගටම පැවතියහොත් වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදු කරන පරීක්ෂණ නැවත්වීමට සිදුවන බවයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියේ.

views

266 Views

Comments

arrow-up