කොන්දොස්තර කාන්තාවන් 3ක් සමග පවුල් කා මාට්ටු - අයිතිය ඉල්ලා අඹුවන් තිදෙනා පොලීසි යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

කොන්දොස්තර කාන්තාවන් 3ක් සමග පවුල් කා මාට්ටු - අයිතිය ඉල්ලා අඹුවන් තිදෙනා පොලීසි යයි

කොන්දොස්තර කාන්තාවන් 3ක් සමග පවුල් කා මාට්ටු - අයිතිය ඉල්ලා අඹුවන් තිදෙනා පොලීසි යයි

කාන්තාවන් තිදෙනකු අඹුකමට තබා ගත් බස් කොන්දොස්තරගේ නීත්‍යානුකූල අයිතිය ඉල්ලා පොලිසියට පැමිණි කතුන් තිදෙනා නිසා මහත් කළබැගෑනියක් ඇති වූ පුවතක් හතර ලියද්ද පොලිසියෙන් වාර්තා විය. සිද්ධිය


හතරලියද්ද ප‍්‍රදේශයේ පදිංචි බස් කොන්දොර එම ප‍්‍රදේශයේම සැමියා නොමැති කතක් සමග ගලගෙදර ප‍්‍රදේශයේ සැමියා සිටින කාත්තාවක් හා උඩිස්පත්තුවේ දෙමළ ජාතික ගුරුවරියක සමග සමීප ඇසුරක් පවත්වා ඇත.


දිනක් එක් කාන්තාවක් ඔහුට දාව උපන් කිරිකැටියා තව කාන්තාවක් වස කුප්පියක් ගෙන පොලිසියට පැමිණ ඇත.


අදාළ කොන්දොස්තර පොලිසියට ගෙන්වා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රසික සම්පත් මහතා   නඩුව විසඳීමට ඉදිරිපත් වූ විගස එක් කාන්තාවකගෙන් කොන්දොස්තරට කම්මුල් පහරක් එල්ල විය.


කතුන් තිදෙනාගේ රැවුම් ගෙරවුම් මධ්‍යයේ සිවු දෙනාම නිහඬ කරවූ ස්ථානාධිපතිවරයා මිනිස්කමට හා පිරිමිකමට නිගාදෙන නොමනා කටයුතු කළ කොන්දොස්තරට තරයේ අවවාද කරමින් තමා කළ හපන්කම්වලට අධිකරණයෙන්   දඬුවම් ලැබේවි යැයි පවසා ගැටලූව නිරාකරණය කර ගැනීමට සිවිල් අධිකරණයේ නඩුවක් පවරණ ලෙස උපදෙස් දී සිවුදෙනාම පොලිස් ස්ථානයෙන් පිටත් කළේය.

views

1380 Views

Comments

arrow-up