“ආණ්ඩුව වැඩ අවුල් කරගෙන” - මෛත්‍රී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

“ආණ්ඩුව වැඩ අවුල් කරගෙන” - මෛත්‍රී

“ආණ්ඩුව වැඩ අවුල් කරගෙන” - මෛත්‍රී

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු‍ ගැටලු‍ අවුල්කරගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

 

ඊයේ(26) පස්වරුවේ පිටකෝට්ටේ පැවති වැඩසටහනකදී හිටපු ජනාධිපතිරයා මේ බව පැවසුවේය.

 

”‍ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය ගොඩනගන්නේ කෙසේද කියන ප්‍රශ්නයක් අද මතුවෙලා තියෙනවා.

අද දේශපාලනය, ආර්ථිකය, සමාජ අර්බුද, ජාත්‍යන්තරය අපි සියල්ලම අවුල් කරගෙන තිබෙනවා.

බොහෝ දෙනෙක් ආණ්ඩුවට කියනවා ඇයි අයි එම් එෆ් යන්නේ නැත්තේ කියලා.

මේ ආර්ථික අර්බුදය විසඳාගන්න යම්කිසි සහනයක් එතනින් හම්බවෙයි කියලා.

ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ අපි අයි එම් එෆ් යන්නේම නැහැ කියලා කියනවා.

සමහර විට මතක ඇති මගේ අවුරුදු 5ට මාස එකහමාරකට අඩු මුළු කාලයම මම වැඩකළේ අයි එම් එෆ් එක සමඟ, අයි එම් එෆ් එක මට බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තද ඒවාට මම කිව්වා මේවාට නම් කොහෙත්ම අත තියන්න පුළුවන් දේවල් නෙවේ කියලා මම කිව්වා.

ඒ වෙලාවේ ඒ අය පිළිගත්තා.”‍  

views

643 Views

Comments

arrow-up