සංචරණ සීමා කාලයේ ස්ත්‍රී දූෂණ ඉහළ ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

සංචරණ සීමා කාලයේ ස්ත්‍රී දූෂණ ඉහළ ගිහින්

සංචරණ සීමා කාලයේ ස්ත්‍රී දූෂණ ඉහළ ගිහින්

ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ ප්‍රතිශතය 18% කින් ඉහළ ගොස් ඇත. 

 

මේ අතර වයස 16ට අඩු දැරියන්ගේ කැමැත්ත ඇතිව ඔවුන් සමඟ ලිංගිකව හැසිරීමද මේවන විට 9% කින් ඉහළ ගොස් තිබේ.


 
 බාලවයස්කාර දැරියන් සමඟ ඔවුන්ගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත්‍රී දූෂණ ගණයටයි. 

 

මෙම ස්ත්‍රී දූෂණ ප්‍රතිශත වර්ධනයවී ඇත්තේ පසුගිය වසරේදී කොවිඩ් 19 වසංගත තත්වය නිසා රට වසා තිබූ අවධියේයි. 

 

ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව තරුණියකට කැමැත්තෙන් ලිංගිකව හැසිරීම සඳහා නම් ඇයගේ වයස 16 සම්පූර්ණ විය යුතුය. 

 

ඇයට සිය කැමැත්තෙන් විවාහ විය හැකි වන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විටයි. 

 

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට යටතේ ගැහැනු ළමයකුගේ විවාහවීමේ අවම වයස අවුරුදු 12කි.

views

1101 Views

Comments

arrow-up