කබ්රාල් කැබිනට් මණ්ඩලයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

කබ්රාල් කැබිනට් මණ්ඩලයට

කබ්රාල් කැබිනට් මණ්ඩලයට

අද දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද කැඳවා ඇති බව වාර්තා වේ.

 

 

එම කැඳවීම සඳහා හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්වය සහ මුදල් සංචිතවල තත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බවයි රජයේ ආරංචි මාර්ග පවසයි.

 

 

2022 වසර සඳහා වන අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව පැවැත්වෙන පළමුවැනි කැබිනට් රැස්වීම මෙම රැස්වීම වනවා.

views

751 Views

Comments

arrow-up