DEC
20
ඔංචිල්ලාවේ ගෙළ සිරවී මිලිනවූ පුංචි මල් කැකුළ

වව්නියාව, අන්නානගර් ප්‍රදේශයේ නිවසක ඔංචිල්ලාවක බැඳි ලණුව ගෙලේ සිරවීමෙන් වයස අවුරුදු 4ක දැරියක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ දැරිය ඔංචිල්ලාව පදිමින් සිටියදි ඇගේ දෙමාපියන් වෙනත් කාර්යයක නිරතව සිට ඇති අතර එම අවස්ථාවේදී එම අනතුර සිදුව ඇති බවයි.
මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ තැන්පත් කර ඇත.
වවුනියාව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
776 Views
Comments