ආනයනික පළතුරු වල ලේබල් ගැන ඔබ දන්නවාද?

පලතුරු වල රස පලතුරෙන් පලතුරට වෙනස් වෙනවා. ඒවායේ රසයන් එකිනෙකට වෙනස් වුණත් අපට එක් වර්ගයකින් ලබාගන්න පුළුවන් ගුණාත්මක භාවය තවත් පලතුරකින් ලබාගන්න එක ලබාගන්න එක ඉතාම පහසු දෙයක්. නමුත් මේ ගුණාත්මකභාවය නිවැරදිව ලබා ගැනීමට සෑම විටම නැවුම් පලතුරු මිලදී ගතයුතුයි. පලතුරු මිලදී ගැනීමේදී ඒවායේ කුඩා ලේබලයක් සටහන් වී තිබෙන බව ඔබ දැක තිබෙනවාද? මින් පෙර ඔබ ඒ ගැන අවධානයක් නොදක්වා තිබෙන්න පුළුවන්. ගුණාත්මක මිලදී ගැනීමකට නම් නිෂ්පාදනය ප්‍රමිතිගත දැයි එම ලේබලය උපකාරයෙන් තහවුරු කරගන්න හැකියාව තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.
ලේබලේ සඳහන් වෙන අංක පුවරුව එහෙමත් නැත්නම් code එක හඳුන්වන්නේ PLU Code විදියට. මෙම අංක පුවරුව මගින් වඩාත් වැදගත් තොරතුරු කිහිපයක් පාරිභෝගිකයා වෙත සපයනවා. එම පලතුර වගාවේ සිට ඇසිරීම දක්වා තොරතුරු අංක අනුව දක්වා තිබෙනවා. එම නිෂ්පාදනය කාබනික නිෂ්පාදනයක්ද ජානමය වශයෙන් වෙනස් කරන ලද්දකද එහෙමත් නැත්නම් සාමාන්‍ය ලෙස වැඩුණු පලතුරක්ද යන්න නිවැරදිව PLU Code එක දන්නා කෙනෙකුට අවබෝධ කර ගන්න පුළුවන්.
මොකක්ද මේ PLU Code කියන්නේ
PLU Code යන්න Price Locked Up ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය ඔබට පලතුරු එළවළු කියන දෙවර්ගයේම සඳහන් වෙන බව දැකගන්න පුළුවන්. එය මිලදී ගන්නා පලතුරු වල මිල තීරණය කිරීමටද අයකැමියා යොදාගන්නවා. මෙම code එක මගින් නිෂ්පාදනය හොඳින් හඳුනගැනීමේ හැකියාව තියෙනවා. අංක පුවරුවේ තේරුම එකිනෙකට වෙනස්.
සාමාන්‍යයෙන් PLU Code එකකට අංක හතරක් නැත්නම් පහක් තිබෙනවා. ඒවායේ ආරම්භක අංකයත් සමග මෙම තොරතුරු සම්බන්ධ වෙනවා. පලතුරු වගාව ආකාරය පිළිබඳව එම අංක වෙනස් විධි වලින් මෙහි තොරතුරු වාර්තා කරනවා.
අංක හතරක් සහිත PLU Code එකේ ආරම්භක අංකය 9 නම් එයින් අදහස් වන්නේ එම නිෂ්පාදනය කාබනික නිෂ්පාදනයක් බවයි. එනම් ගොවිතැනේ දී ස්වභාවික වගාවට කොළ පොහොර කොම්පෝස්ට් පොහොර පලිබෝධ පාලක ආදී කාබනික ද්‍රව්‍ය අඩංගු කර ඇති බවයි.
හතරක් සහිත පුවරුවේ ආරම්භක අංකය 3 හෝ 4 නම් මෙයින් අදහස් වන්නේ එය සාමාන්‍ය ස්වභාවික ලෙස වැඩුණු පලතුරක් යන්නයි. මේ සඳහා ගොවිතැනේදී පලතුරු සඳහා පොහොර සහ පළිබෝධ නාශක යොදා ගෙන තියෙනවා.
අංක හතරක් සහිත PLU Code පුවරුවේ ආරම්භක අංකය 8 නම් මෙයින් අදහස් වන්නේ එම නිෂ්පාදනය ජානමය වශයෙන් වෙනස් කර තිබෙන බවයි. එනම් GMO- Genetically Modified Organism බවයි. මෙය ඔබ අනිවාර්යයෙන් ම අවධානය දැක්විය යුතු අවස්ථාවක්.
මෙම PLU Code අංක පුවරුව හැම නිෂ්පාදනයකටම අනිවාර්යය වූවක් නොවෙයි. ඒ නිසාම ඔබට සමහර පළතුරු වර්ග වගා කළේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබාගන්න හැකියාවක් නැහැ. ඒ වගේම සමහර ආයතන හිතාමතාම ඇත්ත තත්වය වසන් කිරීමට මෙම ලේබල් ඇලවීමෙන් වැළකී සිටිනවා. මෙය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා නොමඟ යැවීමක්. එය ඔවුන්ගේ අලෙවියේ වාසිය සඳහා පමණක් සිදුකරන්නක්.
මිනිස් සිරුරට අහිතකර නිෂ්පාදන දිගුකාලීනව ආහාරයට ගැනීම නිසා මිනිසාගේ සෞඛ්‍යයට හානි ඇති කරනවා. ඒ නිසාම මෙවැනි නිෂ්පාදන ලේබල් කිරීම සම්බන්ධයෙන් නීති බලගැන්වීම ඉතාම වැදගත් කාරණයක්.
කෙසේ වෙතත් දැනට වෙළඳපලේ දක්නට ලැබෙන PLU Code එකේ අර්ථය තේරුම් අරගෙන ඔබේ නිෂ්පාදන මිලදී ගන්න උත්සහ කරන්න.
by Dilki Shamani
920 Views
Comments