රටම බලන් ඉන්න බැසිල් ලබන සතියේ ලංකාවට - ආ ගමන්ම පෙරළි රැසක්

මේ වනවිට ඇමෙරිකාව බලා ගොස් සිටින මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව ලංකාවට ආ විගසම ආණ්ඩුව තුල බරපතළ වෙනස්කම් රැසක් සිදුකිරීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට ඇතැයි වාර්තා වේ.
මීට සති දෙකකට ඉහතදී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගිය අතර ආණ්ඩුව තුළ හටගත් අර්බූදයකින් පසු එලෙස ඒ මහතා පිටත්ව ගිය බව මාධ්‍ය වාර්තා කොට තිබේ.
එසේම බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවට පිටත්ව යාමට පෙර ආණ්ඩුව තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කොට ඇති බවද එම මාධ්‍ය වාර්තා තහවුරු කොට තිබිණ.
758 Views
Comments