දින දෙකකට ඉන්දීය ධීවරයන් 55ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව විසින් මන්නාරමට දකුණු දෙසින් ශ්‍රි ලංකාවට අයත් මුහුදු සීමාවේදී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ධීවරයින් 12ක් ඊයේ(19) භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම ඉන්දීය ධීවරයන් 12දෙනා සමඟ නාවික හමුදාව දින දෙකක් තුළ ට්‍රෝලර් යාත්‍රා 08ක් සමඟ ඉන්දීය ධීවරයින් 55 දෙනෙක් තම භාරයට ගැනීමට සමත්වූ බවත් එම ඉන්දීය ජාතික ධීවරයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කරන බවත් නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 43ක් සහ ට්‍රෝලර් යාත්‍රා 6ක් නාවික හමුදාව පෙරේදා(18) අත්අඩංගුවට ගෙන තිබුණි.
665 Views
Comments