ගමක් හඬවා පස් හැවිරිදි පුංචි සිඟිත්තා වතුර වළට වැටී අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

ගමක් හඬවා පස් හැවිරිදි පුංචි සිඟිත්තා වතුර වළට වැටී අවසන් ගමන් යයි

ගමක් හඬවා පස් හැවිරිදි පුංචි සිඟිත්තා වතුර වළට වැටී අවසන් ගමන් යයි

ආරච්චිකට්ටුව, අඩිප්පල වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරුණු වළකට වැටීමෙන් පස් හැවිරිදි පෙරපාසල් දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය කියයි.

 

මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ ආරච්චිකට්ටුව, අඩිප්පල, වැලිපෑලැස්ස පදිංචි එස් ආකාෂ් සංජය නැමති පෙරපාසල් දරුවෙකි. 

 

මෙම දරුවා රෝහලට ඇතුළු කරන විටත් මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම සිඟිත් දරුවා වැලිපෑලැස්ස ප්‍රදේශයේ පෙර පාසලක පූර්ව ළමා අධ්‍යාපනය ලබන දරුවෙක් වන අතර ඔහුගේ නිවස පිහිටි ඉඩමේ නිවසට යාබදව වැසිකිලියට අවශ්‍ය වලක් කපා එය ගලෙන් බැඳ නිමකර ඇතත් එහි බිම් මට්ටමේ කොන්ක්‍රීට් වැස්ම සවිකර නැතිබව පොලීසිය පවසයි.

 

පසුගිය කාලය පුරාවට දිගින් දිගටම වර්ෂාව ලැබුණ නිසාවෙන් මෙය නිම කිරීමට නොහැකිවූ බව මිය ගිය දරුවාගේ පියා පවසා තිබේ.

 

ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා එකවර අතුරුදහන් වීම හේතුවෙන් සිය අසල් වාසීන් සමඟ  සොයා බැලීමේදී අසල් වැසියෙකුට දරුවාගේ ශරීරය වතුර පිරි වලේ තිබියදී හමුවූ බව මව විසින් පොලීසියට ලබාදුන් කට උත්තරයේ සඳහන්වේ.

 

ඒ අනුව අසල්වාසීන්ගේ සහයෝගයෙන් මෙම දරුවාව හලාවත රෝහලට ඇතුලත් කර ඇත. 

 

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

740 Views

Comments

arrow-up