බැඳුම්කර නඩුවක චෝදනා 11කින් රවී, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

බැඳුම්කර නඩුවක චෝදනා 11කින් රවී, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස්

බැඳුම්කර නඩුවක චෝදනා 11කින් රවී, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස්

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෂෙරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්  11 දෙනෙකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

 

මෙම නඩු විභාගය ආරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු නීතිඥ මඩුල්ල මතුකළ මූලික විරෝධාවක් සම්බන්ධව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.

 

අමල් රණරාජා(සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

views

759 Views

Comments

arrow-up