1990 ගිලන්රියේ ගැටුණු කාන්තාව මරුට

හදිසි අනතුකරට ලක්වූ රෝගියෙකු රෝහලට රැගෙන යමින් තිබූ 1990 සුවසැරිය ගිලන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පනාමුර පොලීසිය සඳහන් කරයි.
ඇඹිලිපිටිය පනාමුර මාර්ගයේ ගලමඩ හන්දියේ දී ඊයේ(28) සවස මෙම අනතුර සිදුව තිබෙන බව පනාමුර පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් තිබෙන්නේ කොළොන්න ප්‍රදේශයේ පදිංචි එන්. නන්දනී ද සිල්වා නැමැති පනස් හැවිරිදි එක්දරු මවකි.
රෝගියා කොළොන්න පොලීසියට අනුයුක්ත කර තිබෙන 1990 ගිලන් රථයෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රැගෙන යමින් සිටියදී යතුරුපැදිය එහි ගැටී තිබේ.
යතුරුපැදිය පදවා ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා විසිනි.
823 Views
Comments