“ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු බරපතලම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් ඉන්නවා” - ජී. එල්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

“ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු බරපතලම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් ඉන්නවා” - ජී. එල්

“ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු බරපතලම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් ඉන්නවා” - ජී. එල්

ශ්‍රී ලංකාවට 1948 වසරේ නිදහස ලැබීමෙන් පසුව මුහුණ දුන් උග්‍රතම ආර්ථික අර්බුදයට වර්තමානයේ මුහුණදී සිටින බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

 

මෙම ආර්ථික අර්බුදය සඳහා විවිධ හේතු බලපෑවද ජාත්‍යන්තර මට්ටමේ බලපෑම් ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන බවකී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ආර්ථික අර්බුදයට තනිව මුහුණ දීමේ අවශ්‍යතාවක් නොමැති බවද පවසා සිටියේය.

 

ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා තිබීම හේතුවෙ මිත්‍ර රටවල් සමඟ ඒකාබද්ධ ප්‍රතිපත්ති මාලාවකට පැමිණ කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

views

687 Views

Comments

arrow-up