ලංගම බසයට ගල් ගැසූ තිදෙනාට වැඩ වරදී

තඹුත්තේගම සිට රාජාංගණය දක්වා මගීන් රැගෙන ගමන්ගත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදි බස් රථයටද අලාබ හානි සිදුකළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රාජාංගණය, අංගමුවේ පදිංචි වයස අවුරුදු 25 - 34 වියේ පසුවන පුද්ගලයින් තිදෙනෙකි.
තඹුත්තේගම - රාජාංගණය මාර්ගයේ යාය 08, අලිවංගුව අසලදී මෙම පහරදිම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් තිදෙනා එම මාර්ගයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදි ඔවුන්ට බස් රථය පසු කිරීමට අවස්ථාව ලබා නොදුන් බව පවසා බස් රථයට යාමට නොහැකි ලෙස මාර්ගය අවහිර කොට ත්‍රී රෝද රථය ඉදිරියෙන් නවතා බස් රථයට ගොඩවි රියදුරාට සහ කොන්දොස්වරයාට පහරදි ඇතැයිද පොලිසිය සඳහන් කළේය.
අනතුරුව මෙම පුද්ගලයන් තිදෙනා බස් රථයේ ඉදිරි විදුරුවටද පහරදි ඒවාටද ආලාබ හානි සිදුකොට තිබේ.
සිදුවීමෙන් බරපතල තුවාල ලැබු බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා රාජංගණය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(22) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
707 Views
Comments