පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා බිරිඳව ඇඳේ බැඳ වයරයකින් ගෙල සිරකර මරා දමයි

සෙවනගල වලවේගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක් ඇගේ සැමියා විසින් පසුගිය 11 වනදා රාත්‍රීයේ වයරයකින් ගෙල සිරකර ඝාතනය කර ඇතැයි සෙවනගල පොලිසිය කියයි.
සිද්ධියෙන් මෙලෙස මියගොස් තිබෙන්නේ සෙවනගල වලවේගම ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන අමිලා හර්ෂනී මැන්ඩිස් නැමති 35 හැවිරිදි කාන්තාවකි.
පොලිසිය මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව තම ස්වාමිපුරුෂයා සහ අසල්වැසියන් සමඟ නිතර ආරවුල් ඇති කරගන්නා බවයි.
මීට ප්‍රථම ඝාතනය සිදුකල සැකකරු විසින් තම පියාට පහරදීම හේතුවෙන් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට මෙම ඝාතනය සිදුවූ 11 වනදා දිනයේ ඇප ලබා නිවසට පැමිණ තිබේ.
අනතුරුව ඔහු බිරිඳ සමඟ රණ්ඩු කරගැනීම හේතුවෙන් රාත්‍රීයේ ඇයව නිවසේ කාමරයේ ඇඳට තබා වයරයකින් ගැටගසා ගෙල සිරකර මරා දමා ඇත.
ඝාතනයෙන් පසු සැකකරු පොලිසියට භාරවී ඇති අතර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඇඹිලිපිටිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
1156 Views
Comments