ලක්ෂ 27ක ටයිල් ඉස්සූ 2ක් මාට්ටු

හෝමාගම පිහිටි බිම් ඇතුරුම් ගල් කර්මාන්තශාලා ගබඩාවකින් රුපියල් ලක්ෂ 27ක වටිනාකමකින් යුත් බිම් ඇතුරුම්ගල් තොගයක් සොරාගත් පුද්ගලයින් දෙදෙනකු හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෝමාගම පිංකෙත පාර ප්‍රදේශයේ පදිංචි ”ධම්මා” නම් අනුවර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
විදේශ රටවලින් ආනයනය කරන බිම් ඇතුරුම් ගල් සහ මෙරට කළු ගල් ඔප දමා නිෂ්පාදනය කරන බිම් ඇතුරුම් ගල් ගබඩාකර තිබූ හෝමාගම ප්‍රදේශයේ ගබඩාවකින් මෙම සැකකරුවන් විසින් පසුගිය මාසයේ අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 27කට ආසන්න ටයිල් සොරාගෙන තිබුණි.
ලද පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකරමින් සිටියදී ඉතා වටිනා බිම් ඇතුරුම් ගල් තොගයක් ඉතා අඩු මිලට විකුණන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබූණි.
ඒ අනුව එම බිම් ඇතුරුම් ගල් අලෙවිකළැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී සොරාගත් බිම් ඇතුරුම් ගල් 190 ස්ථාන පහකට අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
726 Views
Comments