දියේ ගිලීමෙන් කුඩා දැරියක් ඇතුළු සිව්දෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ඇතුළු සිව්දෙනෙක් මරුට

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ඇතුළු සිව්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක දියේ ගිලී සිදුවූ අනතුරුවලින් කුඩා දැරියක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.

 

ඉංගිරිය, නම්බපාන වැවේ දියනෑමට ගිය පුද්ගලයෙකු සහ කුඩා දැරියක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.

 

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකු සහ අවුරුදු 05ක් වයසැති කුඩා දැරියකි.

 

මේ අතර දඹගල්ල, මීගහපිටිය වැවේ මසුන් මරමින් සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත.

 

අම්පාර කඳවුර පොලිස් වසමේ ඇළක දියනෑමට ගිය 21 හැවිරිදි තරුණයෙකුද දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

views

860 Views

Comments

arrow-up