NOV
01
අධි වේගයේ සිදුවූ බස් රථ අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් අනතුරට ලක්වී ඇතැයි පොලීසිය කියයි.
ඊයේ(31) රාත්‍රී 7.00ට පමණ බද්දේගම සහ පින්නදූව අතර 84වන කිලෝමීටර් කණුව අසලදී එම අනතුර සිදුව තිබේ.
කොළඹ සිට මාතර බලා ධාවනයවූ බස් රථයක් වෑන් රථයකට ඉස්සර කිරීමට යාමේදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එමඅනතුර සිදුව ඇත.
අනතුර වන අවස්ථාවේ බස් රථයේ මගීන් 46 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
760 Views
Comments