OCT
25
කළුතර බන්ධනාගාරයට පියාඹා ආ මත්කුඩු පාර්සලය

කළුතර බන්ධනාගාරයේ ‘ඊ’ අංශයට පිටතින් විසිකළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් විසින් අද(25) අත්අඩංගුවට ගෙන ඇත.
එහි තිබී හෙරෝයින් ග්‍රෑම් 8ක්, අයිස් මත්කුඩු මිලිග්‍රෑම් 500ක්, ගංජා ග්‍රෑම් 4ක්, දුම්කොළ 15ක් සහ දුරකථන සිම්පතක් තිබූ බවත් එම ද්‍රව්‍ය ඉදිරි විම්ර්ශන කටයුතු සඳහා උතුරු කළුතර පොලිසියට බාරදුන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
746 Views
Comments