සිරකරුවන්ට අමුත්තන් බැලීම සතියට දින 2ක් දක්වා ඉහළ දැමේ

සතියට එක් වරක් පමණක් අමුත්තන් බැලීම සඳහා සිරකරුවන්ට ලබාදී තිබු අවස්ථාව සතියට දින දෙකක් දක්වා දීර්ඝ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කරනවා.
කොවිඩ් වසංගතය ව්‍යාප්තිය සමග සිරකරුවන්ට අමුත්තන් නැරඹීමේ අවස්ථාව තාවකාලිකව නවතා තිබුණු අතර එය ඔක්තෝබර් 4 දින සිට නැවතත් ආරම්භ විය.
සිරකරුවන් බැලීමට පැමිණීමේදී ඥාතීන් විසින් බත් පාර්සල ගෙන ඒමේ දී එක් සැකකරුවකුට එක් වතාව බැගින් ද ව්‍යංජන වෙන වෙනම රැගෙන ඒමෙන් තොරව බත් පාර්සලය තුලම දමා රැගෙන එන ලෙසයි බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටින්නේ.
814 Views
Comments