නිවසක් කොල්ලකෑමට පැමිණ එළොව ගිය “චතු”

මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නිවසක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලි සාමාජිකයෙකු ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහරදීමකදී මියගොස් ඇත.
මිය ගිය පුද්ගලයා ඌරු ජුවා නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව පොලිසිය කියයි.
මුල්ලේරියාව, චන්ද්‍රිකා මාවත ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී මත්පැන් අලෙවිකරන නිවසකට ඊයේ(31) රාත්‍රියේ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ එම නිවැසියන් සිරකර තර්ජනය කරමින් ඔවුන්ගෙන් මුදල් සහ රන් භාණ්ඩ ඉල්ලා තිබේ.
පොලිසිය සඳහන් කළේ පැය දෙකහමාරකට ආසන්න කාලයක් සැකකරුවන් එම නිවස තුළ සිට ඇති අතර එම අවස්ථාවේදී එක් නිවැසියෙකු ඉන් පිටතට පැමිණ කෑගසා ඒ පිළිබඳව අසල්වාසීන් දැනුවත්කර ඇත.
එම අවස්ථාවේදී නීතිවිරෝධී මත්පැන් මිලට ගැනීමට පැමිණි පිරිසක් විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාව අල්ලා ගැනීමට උත්සාහකර ඇති අතර එක් අයෙකු යතුරු පැදියක නැගී පළාගොස් තිබේ.
අනෙක් පුද්ගලයාව අල්ලාගත් පිරිස ඔහුට දැඩි ලෙස පහරදී තිබෙන අතර බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
මෙළෙස මියගිය පුද්ගලයා මියගිය ඌරු ජුවා නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වූ “චතු” නැමැත්තා බවට සැකකරන බව පොලිසිය සඳහන් කළේය.
864 Views
Comments