පිටබැද්දර අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමුවෙයි - මරණය අභිරහසක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

පිටබැද්දර අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමුවෙයි - මරණය අභිරහසක්

පිටබැද්දර අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමුවෙයි - මරණය අභිරහසක්

පිටබැද්දර, තැන්න හේන වතුයායේ අතුරු මාර්ගයක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද(08) උදෑසන සොයා ගෙන ඇතැයි පිටබැද්දර පොලිසිය පවසයි.

 

මෙම මල සිරුර පිටබැද්දර තැන්නහේන, බලපත්‍ ඇල්ල පදිංචි ගිංතොට විධාන ආරච්චිලාගේ සුනිල් නැමැති 33 හැවිරිදි දෙදරු පියෙකුගේ බව පොලීසිය කියයි.

 

මරණකරු මිතුරෙකුගෙන් ලද තොරතුරක් මත ඊයේ(07) තවත් කිහිපදෙනෙකු සමඟ මත්පැන් සාදයකට සහභාගී වී තිබෙන අතර එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ගැටුමක් ඇතිවී පසුව එය සමථයකට පත්වුණු බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

 

මෙම පුද්ගලයා මිය යාමට හේතුව ගැටුමද එසේ නොමැති නම් වෙනත් හේතුවක්ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන අතර ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු අද(08) දහවල් වන තෙක් අත්අඩංගුවට ගෙන නොතිබුණි.

 

 සිද්ධිය සම්බන්ධයෙන් පිටබැද්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

986 Views

Comments

arrow-up