ආනයනය කළ චොක්ලට් මිලදී ගැනීමේදී සැලකිළිමත්වන ලෙස දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ආනයනය කළ චොක්ලට් මිලදී ගැනීමේදී සැලකිළිමත්වන ලෙස දැනුම් දීමක්

ආනයනය කළ චොක්ලට් මිලදී ගැනීමේදී සැලකිළිමත්වන ලෙස දැනුම් දීමක්

නීතිවිරෝධී අයුරින් ගෙන්වන ලද චොක්ලට් සහ රසකැවිලි අලෙවි කරන ස්ථාන රට පුරා ව්‍යාප්ත වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටී.

 

විදෙස් රටවල සිට නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද චොක්ලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන රසකැවිලි සහ චොක්ලට් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම්දෙයි.

 

එමෙන්ම එම සංගමය පවසා සිටින්නේ, කිසියම් රටක නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යයක් මෙරටට ගෙන්වා අලෙවි කිරීමේදී අනුගමනය කළ යුතු නීත්‍යානුකූල ක්‍රමවේදයන් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් ද අවධානය යොමු කළ යුතු බවත් ය.

views

260 Views

Comments

arrow-up