බිරිඳගේ පියා සමඟ බහින්බස් වීම දුරදිග ගොස් පියාගෙන් පොරව පහර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

බිරිඳගේ පියා සමඟ බහින්බස් වීම දුරදිග ගොස් පියාගෙන් පොරව පහර

බිරිඳගේ පියා සමඟ බහින්බස් වීම දුරදිග ගොස් පියාගෙන් පොරව පහර

පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ දී පොරොවකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත.

 

මියගිය පුද්ගලයා හා ඔහුගේ බිරිඳගේ පියා සමඟ බහින්බස් වීමක් සිදුව තිබේ.

 

එම බහින් බස් වීම දුරදිග යෑමෙන් අදාල පියා විසින් මරණකරුට පොරවකින් පහර දී තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.

 

එම ප්‍රදේශයේ ම පදිංචි 48 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් ආරම්භ කර ඇත.

 

views

390 Views

Comments

arrow-up