ජනපති සමඟ රනිල් රට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

ජනපති සමඟ රනිල් රට යයි

ජනපති සමඟ රනිල් රට යයි

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව  ඇත.

 

මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

 

”පරිසරය, ආර්ථිකය, වසංගතය”මෙවර සමුළුවේ තේමාව වන අතර දේශගුණික විපර්යාස වල වර්ධනයත් සමඟ එම තර්ජනයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ඡාවට ලක්වනු ඇත.

 

හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද මෙවර සමුළුව සදහා සහභාගී වීමට නියමිතයි.

views

741 Views

Comments

arrow-up