ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් ඉහළට

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍රමික වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඒ, ඉකුත් දින කිහිපයේ යළි මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාව වැඩි වීමත් සමගයි.
ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ මේවනවිට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද වැඩිවෙමින් ඇති බවයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙරට කොරෝනා තත්ත්වය උත්සන්න වූ සමයේ පැතිර ගියේ ඩෙල්ටා ප්‍රභේදයයි.
එහෙත් මේවනවිට ප්‍රදේශ වශයෙන් ඩෙල්ටා උප ප්‍රභේද බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණ කර තිබෙනවා.
එම උප ප්‍රභේද 02 ක් මේවනවිටත් සොයා ගෙන අවසන්.
733 Views
Comments