පොහොර සමාගම්වලට ආණ්ඩුවෙන් බිලියන 24 පොල්ලක් - පොහොර ආනයනය වැට උඩ

අවසර ලබාදී තිබුණද, රසායනික පොහොර ආනයනය කිරීමේදී මේවනවිට තවත් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇත.
ඊට හේතුවී ඇත්තේ පොහොර සමාගම් සඳහා ආණ්ඩුව විසින් ගෙවිය යුතු මුදල් මෙතෙක් ලබා නොදීමයි.
මෙහිදී හෙලි වුණේ ඉකුත් සමයේ සහනාධාර ලෙස ලබාදුන් පොහොර සඳහා රුපියල් බිලියන 24 ක මුදලක් පොහොර සමාගම් වෙත ගෙවීමට ඇති බවයි.
මෙම මුදල ලැබෙන තෙක් යළි රසායනික පොහොර ආනයනය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා බවයි පොහොර සමාගම් පවසා සිටියේ.
එමෙන්ම ලෝක වෙළඳපලේ රසායනික පොහොර මිල ගණන් ද මේවනවිට අධික ලෙස ඉහල ගොස් තිබෙනවා.
723 Views
Comments