ව්‍යාජ රියදුරු බලපත්‍ර විකුණන ජාවාරමක් හෙළිවේ

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී ලෙස අඩු මුදලට ලබාගත් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස සකසා විකුණන ජාවාරමක් පිළිබඳව ආදුරුප්පු වීදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මොවුන් මෙම කල් ඉකුත් වූ බලපත්‍ර ලබාගෙන ඒවායේ මුද්‍රණ මකා බලපත්‍ර ඉල්ලුම් කරන පුද්ගලයන්ගේ විස්තර ඇතුලත් කර ඉතා ඉහල මිලකට යළි අලෙවි කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන වත්තල සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මෙලෙස සැකසූ ව්‍යාජ රියදුරු බලපත්‍ර 1000ක් පමණ මේ වන විට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
800 Views
Comments