විදෙස් තරුණිය මසාජ් කරද්දී වෛද්‍යවරයා සිදු කල කැත වැඩේ මාට්ටු - සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

විදෙස් තරුණිය මසාජ් කරද්දී වෛද්‍යවරයා සිදු කල කැත වැඩේ මාට්ටු - සැකකරු අත්අඩංගුවට

විදෙස් තරුණිය මසාජ් කරද්දී වෛද්‍යවරයා සිදු කල කැත වැඩේ මාට්ටු - සැකකරු අත්අඩංගුවට

සම්බාහන ආයතනයකට ආ 25 හැවිරිදි ඇමෙරිකානු තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල එම සම්භාහන ආයතනයේ වෛද්‍යවරයා ලෙස පෙනී සිටි ඉන්දියානු ජාතිකයෙකු මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

 

මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ මුරලි ෂියාම් නමැති 52 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.

 

අතවරයට ලක්වු තරුණිය අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යනු ලබන අතර ඇය සම්භාහන මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු තමාට අතවර සිදු කළ බවට ඇය කොළඹ සංචාරක පොලිස් කොට්ඨාශයට විද්‍යුත් තැපෑල මඟින් පසුගියදා පැමිණිල්ලක් සිදුකර ඇත. 

 

එම පැමිණිල්ල අහංගම පොලිසියට යොමු කර ඇති අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වු පොලිසිය සැකකරු සොයා ගියද ඒ වනවිට ඔහු හෝටලයෙන් පිටව ගොස් තිබිණි. පසුව කොළඹ මෝදර ප්‍රදේශයේ නිවසක සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

views

8025 Views

Comments

arrow-up