මාඔය පිටාර ගලා මියගිය කුකුළන් එක්ලක්ෂ පහළොස් දාහක් මස් කරන්න ලොරිවලට පටවද්දී මාට්ටු

මාඔය පිටාර ගැලීමෙන් යටවූ බව කියන කුකුල් ගොවිපළක මිය ගිය කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් වළ දැමීමට පසුගිය 10 වනදා පස්වරුවේ කටයුතු කෙරිණි.
මීරිගම ප්‍රදේශයේ මාඔය පිටාර ගැලීමෙන් කුකුල් ගොවිපළක කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ මිය ගොස් ඇත.
ජල මට්ටම පහව යෑමෙන් අනතුරුව මිය ගිය කුකුලන් නැවත විකිණීම සඳහා ලොරි රථවලට පටවන බවට මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද පැමිණිල්ලක් මත මීරිගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මීරිගම පොලිසිය විසින් එය වටලනු ලැබීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි යන විටත් ලොරි රථවලට මියගිය කුකුලන් පටවමින් තිබී ඇත.
නිලධාරින් විසින් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ මෙම සතුන් වල දැමීම පිනිස රැගෙන යන බවයි.
කෙසේ වුවත් නිලධාරීන් නියෝග කළේ මිය ගිය සතුන් ගොවිපළෙන් පිටතට රැගෙන යෑමට නොහැකි බවයි.
අදාළ ගොවිපළ පිහිටි ඉඩමේ ජලය පිරීම නිසා වළවල් කැපීමට නොහැකි බව එහි කළමනාකාරිත්වය නිලධාරීන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව ගොවිපළ ආසන්නයේ ඇති ඉඩමක මිය ගිය කුකුලන් වැළලීමට ඉඩමේ හිමිකරු සමඟ සාකච්ඡාවකින් පසුව ඇතිකරගත් එකඟතාවකින් පසුව ඒ සඳහා ස්ථානීය පරීක්ෂණයකින් පසුව නිලධාරීන්ගේ අවසර හිමිවිය.
985 Views
Comments