රෝහල තුල කාන්තාවන්ගේ මාල කැඩූ හොර දොස්තර රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

රෝහල තුල කාන්තාවන්ගේ මාල කැඩූ හොර දොස්තර රිමාන්ඩ්

රෝහල තුල කාන්තාවන්ගේ මාල කැඩූ හොර දොස්තර රිමාන්ඩ්

වතුපිටිවල මූලික රෝහලේ කාන්තාවන් දෙදෙනෙකුගේ රන්මාල කඩා ගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එළඹෙන 18 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා.

 

මෙම එක් කාන්තාවක් වෛද්‍ය සායනයක් සඳහා රෝහලට පැමිණ ඇති අතර එහිදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි සැකකරු විසින් ස්කෑන් පරීක්ෂණයක් ලබාගන්න යැයි පවසා කාමරයකට කැඳවාගෙන ගොස් ඇය පැළඳ සිටි රන් භාණ්ඩ වංචනික ලෙස ගලවාගෙන පලා ගොස් තිබෙනවා.

 

මීට පෙරද මෙලෙසම තවත් කාන්තාවකගේ රන් මාල සොරකම් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

 

සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසුව වරද පිළිගෙන තිබෙනවා.

views

928 Views

Comments

arrow-up