අනියම් බිරිඳ සමඟ ඇතිවු ආරවුලකින් පසු 51 හැවිරිදි පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

අනියම් බිරිඳ සමඟ ඇතිවු ආරවුලකින් පසු 51 හැවිරිදි පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගනී

අනියම් බිරිඳ සමඟ ඇතිවු ආරවුලකින් පසු 51 හැවිරිදි පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගනී

කයිට්ස්, පුංතුඩතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිරුරට ගිනි ගබාගෙන පිළිස්සි මියගොස් තිබේ.

 

අදාළ පුද්ගලයා යාපනයට රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි කයිට්ස් පොලීසියට ලැබුණු තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

 

වයස අවුරුදු 51ක් වු පුංකුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් තිබේ.

 

 අනියම් බිරිඳ සමඟ ඇතිවු ආරවුලක් දුරදිග ගොස් සිය ශරීරයට පෙට්‍රල් දමා ගිනිතබා ගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

කයිට්ස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

views

732 Views

Comments

arrow-up