ත්‍රිකුණාමලයේදී අලි රංචුවකට මැදි වූ පියෙක් සහ පුතෙක් නූලෙන් දිවි බේරාගනී

ත්‍රිකුණාමලය, මොරවැව කට්ටුකුලම් ප්‍රදේශයේ අලි රංචුවට මැදි වු කුඩා දරුවෙකු හා පියෙකු වනජීවි නිළධාරීන් හා සිවිල් ආරක්ෂක භටයන් මෙන්ම ගම්වාසීන් එක්ව මුදා ගෙන තිබේ.
එම අවස්ථාවේ සිදු වූ වන අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙන බවත්, මෙසේ මිය ගොස් ඇත්තේ, විල්ගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි උපාලි හරිස්චන්ද්‍ර නැමැති 52 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවත් සඳහන් වේ.
මියගිය පුද්ගලයා තම කුඹුරට යමින් සිටිය දී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර වනජීවි නිළධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා වන අලි රංචුව එළවා දැමීමට කටයුතු කර ඇත.
239 Views
Comments