වෙරළේ අත්හැර දමා ගිය කහ තොගයක් සොයාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

වෙරළේ අත්හැර දමා ගිය කහ තොගයක් සොයාගනී

වෙරළේ අත්හැර දමා ගිය කහ තොගයක් සොයාගනී

මන්නාරම, ඕලු‍තුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ ග්රූම් 235කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් ඊයේ(21) සිදුකල සෝදිසියකදී සොයාගෙන තිබේ.

 

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රැගෙනවිත් ඇති මෙම කහ මලු‍ 7ක අසුරා තිබී ඇති අතර එය ගොඩබිමට රැගෙන ඒමට යොදා ගැනීමට නියමිතව තිබූ බවට සැක කෙරෙන අත් කරත්තයක්ද හමුවී ඇත.

 

ජාවාරම්කරුවන් විසින් රට තුලට රැගෙන ඒමට නොහැකිව මේවා දමා යන්නට ඇති බවට සැක කරන අතර වියළි කහ තොගය සහ අත් කරත්තය ඉදිරි විමර්ශණ සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබේ.

views

778 Views

Comments

arrow-up