කෝටිපතියෙක් කොළඹ හෝටලයක දී තරුණියක් දූෂණය කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

කෝටිපතියෙක් කොළඹ හෝටලයක දී තරුණියක් දූෂණය කරලා

කෝටිපතියෙක් කොළඹ හෝටලයක දී තරුණියක් දූෂණය කරලා

48 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් කොළඹ තරුපහේ හෝටලයකදී ඔහු යටතේ සේවය කළ 35 හැවිරිදි සේවිකාවක් බරපතළ ලෙස දූෂණය කර ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

 

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ කොළඹ කිරුළපන ප්‍රදේශයේදී ශිෂ්‍ය වීසා මත තරුණ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යවන ඒජන්සියක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අරුණ ප්‍රියංකර නමැති සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

 

 

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාශය මගින් දූෂණයට ලක්වූ බව කියන තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

පොලිසිය පැවසුවේ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා කොළඹ පිහිටි තරු පහේ හෝටලයක තම සමාගම විසින් සංවිධානය කරන ලද විශේෂ රැස්වීමකට සහභාගි වන ලෙස තරුණියට දන්වා ඇති බවයි.

 

 

ඒ අනුව සැකකරු හෝටලයේ රැස්වීම් ශාලාවක් කල්තියා වෙන්කරගෙන ඇති අතර, තරුණ සේවිකාව එම ශාලාවට ගිය විට දොර වසාගත් සැකකරු ඇයව දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.

 

 

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ පැමිණිලිකාරිය තම කැමැත්තෙන් සේවාදායකයා සමඟ එම හෝටලයට ගොස් ඇති බවයි.

 

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

views

333 Views

Comments

arrow-up