රාත්‍රි වීදි ආහාර වෙළෙඳසැල් වැටලීමක්

කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂකවරුන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග අලෙවි කරන රාත්‍රි වීදි ආහාර වෙළෙඳසැල් වටලනු ලැබීය.
පරිභෝජනය කිරීමට නුසුදුසු ආහාර වෙළෙඳාම් කරන ස්ථාන කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.
කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත යන ප්‍රදේශ ආශ්‍රිත ගාලු පාරේ මුහුදු මාර්ගයේ මෙලෙස රාත්‍රී වීදි ආහාර අලෙවිසැල් පරීක්ෂාවකට ලක්කරන ලදී.
කොළඹ මහ නගර සභාවේ වැල්ලවත්ත දිසා අංක 5 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ආහාර පරීක්ෂකවරුන් විසින් එම පරීක්ෂන කටයුතු සිදු කරන ලදී.
එම අවස්ථාවේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳාම් කරන ස්ථාන රැසක් හමුවී තිබෙන බව වාර්තා වේ.
මෙහිදී ප්‍රමිතියෙන් තොර ආහාර විකුණූ වෙළෙඳසැල් 6 කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කෙරුණි.
239 Views
Comments