ලංවිම විදුලි සේවකයින් කොළඹට එයි

ලංකා විදුලිබල මණ්ඩලය විකුණා දැමීමකින් හෝ පෞද්ගලිකරණය කිරීමකින් තොරව සිදු කෙරෙන නිවැරදි ප්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබා දීමත් ඇතුළු මූලික යෝජනා තුනක් සම්මත කර ගැනීමට ලංවීම සේවකින් අද (21) කටයුතු කළහ.
ලංවිම පෞද්ගලිකකරණයට එරෙහිව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරමින් ලංකා විදුලිබල මණ්ඩල සේවකින්,විශ්‍රාමිකකින් ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයින් ඊයේ විහාරමහදේවි උද්‍යානට රැස්ව සමුළුවක් පැවැත්වූ අතර එහිදී මෙම යෝජනාවන් සම්මත කර ගනු ලැබිය.
කෙසේ නමුත් මෙම සමුළුව හේතුවෙන් සාමාන්‍ය දෛනික විදුලය සැපයුමට බාධාවක් නොවු අතර ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්ත පවසා සිටියේ විදුලි සැපයීම් සේවා වලට බාධාවක් නොවන පරිදි මෙම සමුළුව සිදු කරන බවයි
හදිසි බිඳ වැටීම් වාර්තා වුවහොත් එයද පාලනය කිරීම සඳහා සේවක පිරිස් කටයුතු කරන බවත් ලේකම්වරයා මෙහිදී කියාසිටියේය.
මේ වන විට විදුලි සේවකයින් මුහුණ දෙන වෘත්තීය ගැටළු ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරුණි.
217 Views
Comments