මහනුවර 18 වංගුවේදී බස් රථයක් අනතුරට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

මහනුවර 18 වංගුවේදී බස් රථයක් අනතුරට

මහනුවර 18 වංගුවේදී බස් රථයක් අනතුරට

මහනුවර 18 වංගුව, ගුරුළුපොත ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වී ඇත.

 

 

එම අනතුරින් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලැබූ අතර මාස හයක දරුවෙකු මෙම සිද්ධියෙන් මිය ගියා.

 

 

මෙම අනතුර සිදුව ඇත්තේ බිබිල සේරව ප්‍රදේශයේ පිරිසක් බස් රථයකින් මහනුවර ප්‍රදේශයේ වන්දනා චාරිකාවක නිරත වෙමින් සිටියදී බව වාර්තා වේ.

 

 

බස් රථයේ තිරංග ක්‍රියා විරහිතවීමත් සමඟ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

 

 

පුද්ගලයින් 31 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් කර ඇති අතර තුවාල ලැබූ පිරිස මහියංගණය හා හසලක යන රෝහල් වලට ඇතුළත් කෙරුණා.

 

views

239 Views

Comments

arrow-up