උණ්ඩියල් ක්‍රමයට සිදු කළ හෙරොයින් ජාවාරමක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

උණ්ඩියල් ක්‍රමයට සිදු කළ හෙරොයින් ජාවාරමක් අල්ලයි

උණ්ඩියල් ක්‍රමයට සිදු කළ හෙරොයින් ජාවාරමක් අල්ලයි

පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ වැටලීම් ඒකකයට, නාවික හමුදා බුද්ධි අංශය මගින් ලද තොරතුරකට අනුව උණ්ඩියල් ක්‍රමය යටතේ හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත වී සිට ඇති අතර, ඉන් උපයන මුදල් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ හුවමාරු කරගෙන ඇති බව සඳහන් වේ.

 

සැකකරුවන් සතුව තිබී එලෙස උපයන ලද රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ මුදල් ගණන් කිරීමේ යන්ත්‍රයක් ද සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.
 

views

240 Views

Comments

arrow-up