රටම හඬවමින් කාණුවට වැටී අකාලයේ මිය ගිය සජිත අවසන් ගමන් යයි

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සජිත සහන් ගුණරත්න පසුගිය 05 වැනිදා පැවැති අධික වර්ෂාව සමඟ මහ පාරට යාබද කාණුවේ ගලා ආ ජල පහරකට මැදිවී නොසිතු පරිදි ඇතුගල්පුරවරය පමණක් නොව රටම කම්පා කරවමින් ජීවිතයෙන් සමුගත්තේය.
සජිතගේ මෘතදේහය ඊයේ(07) ඔහු අධ්‍යාපනය ලැබූ මලියදේව ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍යනායක සොයුරන්ගේ කරමතින් මල්කඩුවාව පොදු සුසාන භූමිය වෙත රැගෙන යන ලදී.
විදුහල්පති ඇතුළු ගුරුවරු ශෝකාකූලව පෙරගමන් ගියහ.
විද්‍යාලයේ තූර්යවාදක ඛණ්ඩය සහ පොලිස් පෙරගමන් රථයද ගමන් කෙරිණි.
සජිත අවසන් ගමන් ගියේ සියල්ලගේම නෙතේ කඳුළක් ඉතිරි කරමිනි.
280 Views
Comments