දේපළ තණ්හාවෙන් පියා මැරූ අජාසත් පුතු අත්අඩංගුවට

සමාගම් 9ක හිමිකාරීත්වය දැරූ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු ගේ ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුගේම බාල පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයා සිය කාර්යාලය තුළ මිය ගොස් සිටියදී සොයා ගැනුනු අතර ආරම්භයේදී එය සැලකුණේ ස්වාභාවික මරණයක් ලෙසයි. කෙසේ නමුත් පසුව මෙම මරණය සැක සහිත බවට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශන වලදී හෙළි වූ කරුණු මත ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට ගැනුණා.
ව්‍යාපාරිකයාගේ සිරුරේ ස්ථාන කිහිපයක අස්ථි බිඳී ඇති බව පසුව කළ පරික්ෂා වලදී අනාවරණය වී තිබුණා.
පොලීසිය පවසන්නේ මෙය මොට ආයුධයකින් පහරදී ටයි පටියකින් ගෙළ සිරකර කළ ඝාතනයක් බවයි.
අත්අඩංගුවට පත් සැකකරු 37 වන වියෙහි පසුවන පුද්ගලයෙකු වන අතර ඔහුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
7651 Views
Comments