උතුරු කොරියාව හා චීනය අතර සෘජු ගුවන් සේවා යළිත්

යළිත් උතුරු කොරියාව හා චීනය අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
වසර 3කට අධික කාලයකට පසුවයි යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කෙරුණ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ දෙරට අතර ගුවන් ගමන් සේවා අත්හිටවා තිබුණි.
චීනය ඊයේ නිවේදනය කළේ උතුරු කොරියාවේ ජාතික ගුවන් සේවය වන ඒයාර් කොර්යෝ ගුවන් සේවයට තම රටට ඇතුලු වීමට අවසර ලබාදෙන බවයි.
දිනකට එක් ගුවන් ගමන් වාරයක් ගුවන් සේවා යළි ආරම්භ කිරීමත් සමග සිදු කෙරුණු ඇත.
චීනය උතුරු කොරියාවේ ප්‍රධානතම හා විශාලතම වෙළඳ සහකරුවා ලෙස හැදින්විය හැකි අතර දෙරට අතර දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
301 Views
Comments