ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් ?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඒ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉකුත්දා ක්‍රීඩා පනතට නව රෙගුලාසි කිහිපයක් ඇතුළත් කළ අතර ඊට මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් රැසකින් විරෝධයක් එල්ලවෙමින් තිබේ.
එවන් පසුබිමකයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයටද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම රෙගුලාසිවලට විරෝධය පළ කර ඇත.
192 Views
Comments